Cricket NewsEXCLUSIVE

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ලහිරු කුමාර සිම්බාබ්වේ සංචිතයෙන් ඉවතට.!

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පසුගිය දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ගිවිසුම්ගතව සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ඉන් සමත්ව තිබෙනවා.

කිලෝමීටර් 2ක දුරක් දිවීමට විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් මීට පෙර ලබා දී තිබූ අතර එය මෙවර තත්පර 25කින් අඩු කර තිබුණා.

ඒ අනුව ඊයේ පැවැති කිලෝ මීටර් 2 අභියෝගය නිම කිරීම සඳහා ලබාදී තිබූ කාලය විනාඩි 8 යි තත්පර 10 ක් වන අතර පසුගිය වර අගය 80 ලෙසින් මනිනු ලැබූ Skin Folds අගයද මෙවර මනිනු ලැබුවේ 70 ලෙසයි.

මේ අනුව පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දිවීමේ පරීක්ෂණය සමත් වුවත් Skin Folds අගය 80ට වඩා වැඩි වීම හේතුවෙන් ලහිරු කුමාර සහ කලණ පෙරේරා යන ක්‍රීඩකයන් දෙදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවා.

ඒ අනුව Skin Fold පරික්ෂණය අසමත්වු ලහිරු කුමාර සහ කළණ පෙ⁣රේරා වෙනුවට නුවන් ප්‍රදීප් සහ ශිරාන් ප්‍රනාන්දු සංචිතයට කැදවා තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ලහිරු කුමාර

කළණ පෙ⁣රේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button