Cricket NewsEXCLUSIVE

යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් ICCය නම් කරන ලද තරඟ තීරකවරුන් තිදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකුත්.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන් ජනවාරි 14 වන දා සිට කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

මෙම යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවරුන්ගේ හා තරග තීරකවරුන්ගේ නම් අද දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කරනු ලැබුවා,

ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වීමට නියමිත අතර රටවල් 14කින් විනිසුරුවරුන් 19 දෙනෙකු මෙවර තරගාලියේ දී ක්‍රීඩාංගන විනිසුරුවරුන් ලෙස කටයුතු කරනවා.\

මේ අතර විනිසුරුවන් පස් දෙනෙකු තෙවන විනිසුරු ලෙස ද තරගාවලියේ පළමු අදියරේ දී කටයුතු කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල නිවේදනයේ සඳහන් වනවා.

තරගාවලිය සදහා තරග තීරකවරුන් තිදෙනෙකු ද එක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කරන ලද යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන විනිසුරුවරුන්ගේ හා තරග තීරකවරුන්ගේ නම් පහතින්

ක්‍රීඩාංගන විනිසුරුවරුන් සහ තෙවන විනිසුරු වරුන්

Asif Yaqoob, Allan Haggo, Arnold Maddela, Buddhi Pradhan, David McLean, David Millns, Emmerson Carington, Heath Kearns, Jacquline Williams, Mark Jameson, Martin Saggers, Nitin Bathi, Rahul Asher, Rashid Riaz, Rizwan Akram, Roland Black, Sameer Bandekar, Sarika Prasad, Vijay Prakash Mallela

තරග තීරකවරුන්

Graeme Labrooy, Denavon Hayles, Phil Whitticase

ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button