Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන ප්‍රභලම රටවල් පමණක් සහබාගි වන තරඟාවලියක් සෑම වසරකම පැවැත්වීම සඳහා පකිස්ථානයෙන් යෝජනාවක්.!

ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් හතරේ සහබාගිත්වයෙන් සෑම වසරකම පැවැත්වෙන සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් සහබාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති මේ සම්බන්ද යෝජනාව ඉදිරි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් වාරයේදී ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා කටයුතු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පන්දුවාර 20 තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට අවධානය යොමු කර ඇති අතර රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන රග්බි තරගාවලියක් වන Six Nations තරගාවලියට සමාන තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට රමීස් රාජා අවධානය යොමු කර තිබෙනවා.

දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික තරගාවලි නොපැවැත්වෙන බැවින් එම රටවල් දෙක අතර වැඩි වශයෙන් ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා අවස්ථාව සලසා දීමේ මෙම යෝජනාවේ අරමුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වසර 2013 සිට ඉන්දියාව හා පාකිස්තානය ජාත්‍යන්තර පිටියේ දී තරග වදින්නේ ICC හා ආසියානු කුසලාන තරගාවලියන් හී දී පමණක් වන අතර 2013 වසරෙන් පසුව ඉන්දියාව පකිස්ථානයේ හෝ පකිස්ථානය ඉන්දියාවේ කිසිදු තරඟ සංචාරයකට ක්‍රීඩා කර නොමැත.

(පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා)

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button