Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට විවර වේ.!

එළඹෙන ජනවාරි මස 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා අළෙවි (Online Tickets) කිරීම ජනවාරි මස 12 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවාධාන යොදා තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් රසිකයින්ට www.srilankacricket.lk සහ www.bookmyshow.com යන වෙබ් අඩෙවි වලට පිවිසීමෙන් සිය ප්‍රවේශපත්‍රය මිලදී ගැනීමේ හැකියාව පවතී.

එම පහසුකමට අමතරව ජනවාරි මස 13 වැනිදා සිට පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා වූ කාල සීමාවේදී තරග පැවැත්වෙන දිනයන්හිදී බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදීත්, තරග නොපැවැත්වෙන දිනවල පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවන අතර අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍රද එම ස්ථාන වලින් ලබාගත හැක.

ප්‍රවේශ පත්‍ර රු. 300, 1000 සහ 3000 යන මිල ගණන් යටතේ ලබාගත හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමිවේ.

කෙසේ වෙත්ත එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා ද්විත්වම ලබාගත් ප්‍රේක්ෂකයින්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාවද රැගෙන ඒම අනිවාර්ය කර ඇත.

දෙරට අතර 16 වැනිදා ආරම්භ වන පළමු තරගයෙන් අනතුරුව 18 වැනිදා දෙවැනි තරගයද 21 වැනිදා තෙවැනි තරගයද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7