EXCLUSIVETrending Article

“සමහරු ඉල්ලුවම “අවුරුද්දක තහනම” අයින් වුණාට, ඇයි භානුකලට එහෙම නැත්තේ” – හැඳි දෙකකින් බෙදන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රේක්ෂකයකුගෙන් සැර කතාවක්.!

කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක පසුගිය එංගලන්ත සංචාරයෙදී අනවශ්‍ය ලෙස ජෛව බුබුලෙන් එළියට ගිහින් ඒ කරපු වැරැද්දට එයාලට වසරක තරග තහනමක් දෙනවා.

ඊට පස්සේ ටික දවසකින් ඒ නියම කරපු පූර්ණ තරග තහනම ලිහිල් කරනවා. ජාත්‍යන්තර තරග තහනම අවුරුද්දකුත් දේශීය තරග තහනම මාස හයකටත් ලබා දෙනවා.

ඒක හොදයි. එතකොට එයාලට ආයෙමත් දේශීය පිටියේ දක්ෂතා දක්වලා තරග තහනම ඉවර වෙද්දි ෆෝම් එකෙන්ම ජාත්‍යන්තර පිටියට එන්න පුළුවන්.

හරියට ගත්තොත් මෙයාලගේ තරග තහනම ඉවර වෙන්න තිබුනේ මේ අවුරුද්දේ ජූනි මාසේ… හැබැයි අද ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණයක් ගන්නවා මේ අයගේ තරග තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන්න.

සතුටුයි…

කුසල් , ගුණතිලක වගේ අය පසුගිය එල් පි එල් තරගාවලියේ නැවතත් සාර්ථක වෙලා එයාලා කරපු වැරැද්දෙන් හැදිලා ඉන්නේ කියලා එයාලා පිත්තෙන්ම උත්තර දීලා තිබුනා.

කුසල් , දික්වැල්ල සහ ගුණතිලක කියන්නේ සැබැවින්ම දක්ෂයින්…ඒකේ අවිවාදයක් නැ…

එයාලා කවදා හරි එන්න ඕනි වැරදි හදාගෙන මේ ක්‍රිකට් එක ඉස්සරහට අරගෙන යන්න.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජූනි මාසේ ඉවර වෙන්න තිබුන තරග තහනම කලින්ම අත් හිටුවද්දී ඒකෙන් නිකන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් වල ඉන්න අනිත් ප්ලෙයර්ස්ලාගේ හිත් වලට බුරුලක් ගිහින් ඉවරයි.

“අපි ඕනි මගුලක් කරත් මොකද මුන්ට වගේ අපිටත් ඉක්මනින් ආයේ එන්න පුළුවන්”

මේ ආදර්ශය දුන්නේ ක්‍රීඩකයෝ නෙමෙයි, ශ්‍රි ලංකා ක්‍රිකට් එක විසින්මයි.මට මේ තුන්දෙනා එක්ක ප්‍රශ්නයක් නැ

හැබැයි කරපු වැරැද්දට ඒ විදිහට දඩුවම් විදලා ආවා නම් ඒක අපේ අනිත් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක්.

මේ තුන් කට්ටුව ආපු එකෙන් සමහරවිට අපිට එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය දිනන්න පුළුවන් වෙයි. හැබැයි ඊට පස්සේ ලෝක කුසලාන ඉවර නැ. ඉදිරි ලෝක කුසලාන දහයක් අපිට නැති වෙන්න පුළුවන් මේ වැරදි ආදර්ශයන් නිසා.

වැඩේ කියන්නේ මේ තුන් කට්ටුවට බෝර්ඩ් එක එක හැන්දකින් බෙදද්දී භානුකට බෙදන්නේ වෙනත් හැන්දකින් වෙච්චි එක,
භානුකට තිබුනේ සාධාරණ ප්‍රශ්නයක් !

එයා පොඩි කාලේ ඉදලම තරමක් මහතයි.

ඉතිං එයා කියන්නේ “වර්තමානයේ මේ තියෙන නව යෝග්‍යතා පරීක්ෂණ මට්ටමට මට එන්න බැරි වෙයි ඒක නිසා මට මේ වෙනකල් තිබුන යෝග්‍යතා පරිසාදන මට්ටමින් මාර්තු වෙනකල් තරග කරන්න දෙන්න” කියලා.

“මොකද නව යෝග්‍යතා පරීක්ෂණය ෆේල් වෙලා ඉදිරි තරගාවලි ටික මිස් කරගෙන මට එක පාරටම වර්ල්ඩ් කප් එකක් ගහන්න බෑ” කියලයි භානුක කියන්නේ,

අනිත් අයට වගේ නෙමෙයි භානුකට තියෙන්නේ සාධාරණ හේතුවක් !!! ඒ වගේම වර්තමානයේ විස්සයි විස්ස කන්ඩායමේ ඇත්තටම පවර් හිටර් කෙනෙක් කියලා අපිට කටක් ඇරලා කියන්න පුළුවන් එකම බැටා… ඉතිං එයාට හැමෝම එක්ක කතා කරලා විශේෂයක් කල යුතුමයි.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැරදි කරපු අර තුන් කට්ටුවට නැමෙන ශ්‍රි ලංකා ක්‍රිකට් නීතිය සාධාරණ හේතුවක් තියෙන භානුකට නැමෙන්නේ නැති එක ?

ආ.. ඔව් අමතක වුනා.

භානුක ඉල්ලනවා වගේ මේ ටෙස්ට් එක ෆේල් වෙන අනිත් අයත් ඉල්ලුවොත් “ඇයි භානුකට චාන්ස් එකක් දුන්නා වගේ අපිටත් දෙන්න බැරි” කියලා ???

ප්‍රශ්නයක් !!!

හැබැයි කොහොමද දවසක වැරදි කරපු අර තුන් කට්ටුව වගේ ආයෙමත් කවුරු හරි මීට වඩා අසික්කිත වැඩක් කරලා “ඇයි අර තුන්දෙනාට සමාව දුන්නා වගේ මටත් සමාව දෙන්න බැරි” කියලා ඇහුවොත්….???

රෙදි නෑ නේද ශ්‍රි ලංකා ක්‍රිකට් ???

Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7