Cricket NewsEXCLUSIVE

ලීග් තරඟ ක්‍රීඩා කිරීම සඳහා ජාතික කණ්ඩායමෙන් ඉවත් වන ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් කොන්ද පණ ඇති තීරණයක්.!

වර්ථමානයේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ලෙස මූල්‍යමයකරණය වීමත් සමඟ බොහෝ ක්‍රීඩකයන් ලීග් තරඟාවලි සඳහා අවධානයක් යොමු කිරීම සඳහා ජාත්‍යන්තර පිටියෙන් ක්‍රීඩකයින් අඩුවයසින් සමුගැනීම පසු ගිය කාලය පුරාවට වඩාත් අවධානය දිනාගත් කාරණයක් විය.

එය අවම කිරීම හා ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ කාලය දීර්ඝ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසානයේදී නව කොන්දේසී තුනක් හඳුන්වාදෙන්නට අද තීරණය කර තිබුණි.

නිවේදනයක් දක්වා සඳහා කර තිබුණු එම කොන්දේසී තුන වනුයේ ,

1. ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ජාතික ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශ්‍රාම යාමට අදහස් කරන බවට මාස තුනක පෙර දැනුම්දීමක් කළ යුතුය.

2. විදේශීය ෆ්‍රැන්චයිස් ලීගවලට ක්‍රීඩා කිරීම සඳහා ‘‘විරෝධතා සහතික’’ (NOCs) ලබා ගැනීමට කැමති විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින් නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ ක්‍රියාත්මක වන විශ්‍රාම දිනයෙන් මාස හයක් සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින්ට පමණි.

3. විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින් LPL වැනි දේශීය ලීග සඳහා සුදුසුකම් ලබන්නේ යැයි සලකනු ලබන්නේ, ඔවුන් ලීගය පැවැත්වීමට පෙර වාරයේ පවත්වන ලද දේශීය ක්‍රිකට් තරඟවල තරඟ වලින් 80% ක් ක්‍රීඩා කර ඇත්නම් පමණි.

වර්ථමානයේ මෙම කොන්දේසී වඩාත් සුභවාදී ප්‍රථිපල නිර්මාණය කරනු ඇති බවද සඳහන් වන අතර බටහිර ඉන්දීය කොදෙවවන් වැනි කණ්ඩාම් වලට මෙම කොන්දේසි වඩාත් යෝග්‍ය වනු ඇති බව ප්‍රවීන විචාරක මතයයි.

කෙසේ නමුත් නව කොන්දේසී යටතේදී යම් හෙයකින් බානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නේ නම් ඔහුට බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය අහිමිවීමේ අවධානමක්ද පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button