Cricket NewsEXCLUSIVELPLMatch Review

පන්දු යවන්නන්ගේ සංග්‍රාමයක් බවට පත් වූ ගාලු යාපන සටනින් ගාල්ලට තියුණු ජයක් – වියස්කාන්ත් අදත් සුපිරි දස්කම් දක්වයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මේ අතර මෙවර තරගාවලියේ 19 වන තරඟය ලෙස Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 20ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට භානුක රාජපක්ෂ නායකත්වය දරන Galle Gladiators කණ්ඩායම සමත්වුණා.

අද තරගයේ කාසිය වාසිය ජයග්‍රහනය කළ Galle Gladiators නායක භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gladiators පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 129 ක ලකුණු පුවරුව ගොඩනැගීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක භානුක රාජපක්ෂ ලකුණු 23ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 32ක් වැය කොට ලකුණු 19 ක් රැස් කළා.

පන්දු යැවීමේදී Wahab Riaz, ප්‍රවීන් ජයවික්‍රම සහ විජයකාන්ත් වියස්කාන්ත් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ෂොයිබ් මලික් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 130ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings පිතිකරුවන්ට පන්දුවාර 18 කුත් පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

Jaffna වෙනුවෙන් Rahamanullah Gurbaz ලකුණු 21ක් රැස් කළ අතර ෂොයිබ් මලික් ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Samit Patel සහ Noor Ahmad කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා සම්මානය හිමි වූයේ Galle Gladiators නායක භානුක රාජපක්ෂ හටයි.

ඒ අනුව අද තරඟයත් සමඟ Galle Gladiators කණ්ඩායමේ සහ Jaffna Kings යන කණ්ඩායම් දෙකෙහිම මුල් වටයේ තරග අවසන් වන අතර ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය Jaffna Kings කණ්ඩායමටත් දෙවන ස්ථානය Galle Gladiators කණ්ඩායමට හිමිව තිබෙන ඇත තෙවන ස්ථානය Dambulla Giants කණ්ඩායමට හිමිව තිබෙනවා.

අවසන් තරඟ වටයට පිවිසෙන මීළඟ කණ්ඩායම අද රාත්‍රියේ Colombo Stars සහ Kandy Warriors කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟයෙන් තීරණය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button