Cricket NewsEXCLUSIVEIPL

“අපි මෙවරත් චමීරව,RCB වර්ණ සමඟ දැකීමට අපේක්ශාවෙන් සිටිනවා” – RCB කණ්ඩායම දුෂ්මන්ත චමීර පිළිබඳව සිය නිළ Twitter ගිණුමේ තැබූ විශේෂ සටහන.!

වසර ගණනාවකට පසු මේ වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ මාලාවට එක්වුණි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්(RCB) කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එහිදී වනිඳු හසරංග හට පමණක් මෙවර තරඟාවලියේ තරඟ කිහිපයක් ක්‍රීඩා කරන්නට අවස්ථා ලැබුණ මුත් වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය පුරාවට එකදු තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

කෙසේ නමුත් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායම් වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

මේ අතර එළඹෙන 2022 වසරේදීද දුශ්මන්ත චමීර සිය කණ්ඩායම සමඟින් දැකීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබීමට RCB කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

තවදුරටත් පුහුණු සැසි තුල හා දැල් තුල ඔහු දැක්වූ සාර්ථක දායකත්වය හා දස්කම් අගය කිරීමටද ඔවුන් එහිදී කරයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7