Cricket NewsEXCLUSIVELPL

“අනං මනං නැත වානා, පොලු ගලවා සැප දෙන්නා” – ගෝල් ග්ලැඩියේටර්ස් 2021 තේමා ගීතය එළි දැක්වේ.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මේ අතර පසුගිය වසරේ පැවති “ලංකා ප්‍රිමියර් ලීග් 2020” තරග මාලාවේදධ හිමිකාරිත්වය දරා මෙවර “ලංකා ප්‍රිමියර් ලීග් 2021” තරගමාලාව ද නියෝජනය කරනු ලබන එකම කණ්ඩායම වන Galle Gladiators කණ්ඩායමේ මෙවර නිල තේමා ගීතය එළිදැක්වීමට ඔවුන් මීට සුළු මොහොතකට පෙර කටයුතු කර තිබෙනවා.

රවී රොයිස්ටර්ගේ හඬ මුසු කර නිර්මාණය කර ඇති මෙම ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ කුසල විදානපතිරණ විසිනි.

එමෙන්ම රැප් සංගීතයේ පද රචනය Dimi3 සහ MOMO THE RAPPER විසින් සිදුකර තිබෙනවා.

මෙම ගීතයේ Lyrics පහතින්,

අනං මනං නැත වානා
පොලු ගලවා සැප දෙන්නා
සරං ඇදං පටලෝලා
ඉමු දකුණට බර වීලා…
වටින් ගොඩින් සරසෝලා
ජය කණුවට කොඩි ගහලා
කටින් බතල හිටවාලා නැහැ
සැණකෙලි පෙන්වන්නා…

ග්ලැඩියේටර් රස්නේ..
කෝ දකුණේ සද්දේ….

පිත්ත අතට ගත්ත හයිය මේක දකුණෙ ගැම්ම
යක්සාවේස වෙන්න බෝල පලන ගාලු නඩය
සද්දෙ රැව් පිළිරැව් දෙන්න එන්න මෙන්න මල්ලී
දකුණේ…..(හරිය)
බොරු බයිල නම් වානා
පාලමෙන් එහා සේනා
එන පේනා සැර රස්නේ එක්ක
දිග් විජයට ඝෝශා
පණ දෙන්නා කැප වෙන්නා
අපි දන්නා දේ පෙන්නා
මේ සන්නාමය උඩින් ලියන
ග්ලැඩියේටර්ස් එන්නා

දිගාරින්න මේසේ
මෙන්න කැවුම් බන්දේසී
වෙන්න එපා ඔට්ටු
කොල්ලො වෙයි උඹ වෙන්දේසී
හේරා පොරෝ බූරූ මැද්දෙ
ග්ලැඩියේටර් ආසී
කොයි කුට්ටම දිගෑරියත්
කපනවා බොලගේ වාසී
අනං මනං වානා
තව හයේ එවා ඕනා
ලංකාව කොහෙද නෝනා ?
පෙන්නපං දකුන මානා
වටිං ගොඩින් සෙල්ලම්
අනෙ අපිත් එක්ක බෑනේ
උඹල රෝම හමුදාවනම්
අපි තමයි ගෝල් දේශේ
කොහේ ගියත් මීටරේ
පොඩි බින්දු වගෙද ලීටරේ
අපිත් දකුණෙ තමයි බොසා
බොලගෙ වතුරට මෙන්න හීටරේ

ගීතය පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7