Cricket NewsEXCLUSIVE

නවසීලන්තය සමග පැවැත්වෙන අතිශය තීරණාත්මක තරඟාවලියට පෙර පුහුණුවක් ලෙස නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ පුහුණු කඳවුරක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ය.

මෙම තරඟාවලි හි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වී තිබෙනවා. ඊට හේතුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරඟ ද්විත්වයම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබීම හේතුවෙනි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියට ඍජු ව සුදුසකම් ලබා ගැනීමට නම් මෙම එක්දින තරඟාවලිය ද ජයග්‍රහණය කිරීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය සාදකයක් බවට පත් ව තිබෙනවා.

මේ අතර එළඹෙන නවසිලන්ත තරග සංචාරයට පෙර ඊට සුදානම් වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 16 වැනිදා සිට සතියක විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

තරගාවලියේ තරඟ කාලසටහන පහතින්

පළමු ටෙස්ට් තරඟය – මාර්තු 09 – මාර්තු 13
දෙවන ටෙස්ට් තරඟය – මාර්තු 17 – මාර්තු 21

පළමු එක්දින තරඟය – මාර්තු 25
දෙවන එක්දින තරඟය – මාර්තු 28
තෙවන එක්දින තරඟය – මාර්තු 31

පළමු විස්සයි-20 තරඟය – අප්‍රේල් 02
දෙවන විස්සයි-20 තරඟය – අප්‍රේල් 05
තෙවන විස්සයි-20 තරඟය – අප්‍රේල් 08

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7