Cricket NewsEXCLUSIVE

එංගලන්ත Lions කණ්ඩායමට එරෙහි තරඟයේ පාලනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්පුර්ණයෙන්ම සියතට ගත් නමුත් වර්ෂාව හරස් වීම හේතුවෙන් ජය පරාජයකින් තොරව අවසන් වෙයි.!

තරගය නිමාවීමට පන්දුවාර 27 ක් ඉතිරිව තිබියදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලීම නිසා ශ්‍රී ලංකා “A” කණ්ඩායමත් එංගලන්ත Lions කණ්ඩායමත් අතර පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අද (03) පස්වරුවේ නිමාවට පත් වුනා.

තරගය නවතා දමන විටත් පන්දුවාර 68 කදී ලකුනු 333 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත Lions කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 221 ක් ඇතුළතදී දවා ගනිමින් ප්‍රභල තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා “A” පන්දු යවන්නෝ සමත්වී සිටිය අතර විචාරකයන් පෙන්වා දෙන්නේ තරඟයට වර්ෂාවෙන් බාදා ඇති නොවුනානම් ශ්‍රී ලංකාව තරඟය ජයග්‍රහනය කරනු ඇති බවයි.

තරගය නවතා දමන විටත් තවත් පන්දුවාර 27 ක් ඇතුළත කඩුලු 3 ක් ආරක්ෂා කර ගැනීමේ අභියෝගය එංගලන්ත Lions පිතිකරුවන් මත විය. ලකුණු 331 කින් පළමු ඉනිමේදී පසුපසට ගොස් තිබුණත් නිශාන් මදුශ්කගේ ලකුණු 241 ක සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට එංගලන්ත Lions කණ්ඩායමට පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට තිබූ තරගයේ වාසිය ශ්‍රී ලංකා “A” කණ්ඩායම වෙත හැරවිණ.

මෙහිදී එංගලන්ත Lions දෙවැනි ඉනිමේ රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී නොයන්නට තරගයේ වාසිය මීට වඩා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සතුවන්නට තිබිණ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විටත් ලකුණු 39 ක් ලබාගෙන සිටි ජෙමී ස්මිත් ලකුණු 9 ක් ලබා සිටියදී උඩ පන්දු 2 ක්ද ලකුණු 24 ක් ලබා සිටියදී තවත් උඩ පන්දුවක් ලබා දුන්නේය. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ එම උඩ පන්දු 3 ම ලබාදීම විශේෂත්වයක් වූ අතර පළමු උඩ පන්දු 2 පිට පිට පන්දු 2 කදී ලබා දුන්නේය.

එහිදී පොයින්ට් කළාපයේ පන්දු රැකි නායක නිපුන් ධනංජය ට, ගලී ස්ථානයේ පන්දු රකිම්න් සිටි නිශාන් මදුශ්ක අතින්ද එම උඩ පන්දු දෙක ගිලිහී යද්දී ලකුණු 24 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව මිඩ් ඔෆ් කලාපයේ පන්දු රැකි නුවනිඳු ප්‍රනාන්දු අතින් ගිලිහී ගියේය. මෙහි වාසිය එංගලන්ත පිල වෙත නොයන්නට, තරගය වර්ෂාවට පෙරම ජය ගැනීමට ශ්‍රී ලංකා “A” කණ්ඩායමට හෙෲඳින්ම අවකාශ තිබිණ.

ශ්‍රී ලංකා “A” කණ්ඩායමට කඩුලු 6 කුත් එංගලන්ත Lions කණ්ඩායමට ලකුණු 141 කුත් වශයෙන් තේ පානය වන විට දෙපිළටම ජයග්‍රහණය විවෘතව තිබිණ. තේ පානයෙන් පසු පන්දුවට අතට ගත් ලක්ෂිත මානසිංහ ලකුණු 3 ක් ඇතුළත එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජොෂ් බොහනන් සහ ජැක් හේන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවා ගනු ලැබුවේ තරගයේ උපරිම වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දෙමිනි.

එංගලන්ත Lions ඉනිමේ විශේෂත්වය වූයේ කඩුලු දැවී ගියද ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණ රටාව පසුපෙළ පිතිකරුවන්ද රඳවා ගැනීමට උනන්දුවීමය. මෙහිදී ඉදිරියට පැමිණි ලියාම් පැටර්සන් සහ ජෙමී ස්මිත් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගය යළිත් ලයන්ස් පිල වෙත රැගෙන ඒමට ගත් උත්සාහයේදී නායක නිපුන් ධනංජයගේ සුපිරි පන්දු රැකීම ඊට හරස් විය.

එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජයට අඩි ගාණක් ඈතින් ඇදී ගිය පන්දුවට පැන නතර කළේ පිතිකරුවාද අන්දමන්ද කරමිනි. රැක ගත් පන්දුව එසැනින්ම කඩුලු රකින්නා වෙත නිපුන් ලබා දෙද්දී පැටර්සන් අඩි එකහමාරක් පමණ සීමා ඉරෙන් පිටත රැදී සිටියේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු මිලාන් රත්නායක පන්දුවාර 8 ක් යවමින් ලකුණු 31 ක් පමණක් ලබා දී දැවී ගිය කඩුලු 7 න් 3 ක්ම දවා ගෙන ගත්තේ ලයන්ස් නායක හසීබ් හමීඩ් දවා ගැනීම වෙනුවෙන් පෙරළා රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවද සමගිනි. ඊට අමතරව ලක්ෂිත මානසිංහ ලකුණු 55 කට කඩුලු 2 ක් දවාගත්තේය.

සිව්වැනි දිනය ආරම්භයේදීත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘කණ්ඩායම තවත් ලකුණු 80 ක් පළමු ඉනිම සදහා පෙරවරුවේදී එක්කාසු කරගත්තේය. ඒ අතරතුරදී නායක නිපුන් ධනංජය ද සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 170 ක් ඒ සදහා වැය කළ නිපුන් ලබා ගත් ලකුණු 128 සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය. දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් නිපුන් මුලු ලකුණු සංඛ්‍යාව 654 ක්ව තිබියදී පිටියෙන් ඉවතට ගියේය.

දැවී යෑමට මත්තෙන් නිශාන් මදුශ්ක සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාර කැපුණේද පළමු පිතිකරුවන් 5 දෙනා අතර ගොඩ නැංවුණු සාර්ථක සම්බන්ධතාය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට පෙර මදුශ්ක සමඟින් එක් වුණු ඔ්ෂද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් මානසිංහ ලකුණු 119 ක්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ලකුණු 113 ක් වශයෙන් සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවූහ.

පැය 11 කට ආසන්න කාලයක් (මිනිත්තු 655) පුරා කඩුල්ලේ රැදී සිටි නිශාන් මුහුණ දුන් 423 වැනි පන්දුවේදී දැවී ගියේය. ජැක් කාසන්ගේ පන්දුවකට මැතිව් ෆිෂර් අතට උඩ පන්දුවක් ලබා දී නිශාන් පිටියෙන් ඉවත් වන විට අද උදෑසන එල්ල කරන ලද මනරම් ඉන්සයිඩ් අවුට් පහරින් රැස් කරගත් හයේ පහරද සමග හයේ පහර 4 කින් සහ හතරේ පහර 24 කින් සමන්විත කර ගත්තේය.

ධනංජයගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස කඩුලු එක පිට එක දැවී ගියේ 654 කට කඩුලු 3 ක්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 9 ක් හෙවත් මුලු ලකුනු සංඛ්‍යාව 663 ක් වන විට කඩුලු 9 ක් බවට පත් කරමිනි. 9 වැනි කඩුල්ල ලෙසින් අම්ෂි ද සිල්වා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා A ඉනිම කඩුලු 9 කට ලකුණු 663 ක්ව තිබියදී අත්හිටුවීමට පියවර ගත්තේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7