Cricket NewsEXCLUSIVEInternational

පන්දුව කඩුල්ලේ වැදී, බේල්ස් එක හයේ සීමාවටත් එපිටින් පතිත වූ නවසිලන්ත ක්‍රීඩක M Bracewellව දවා ගැනීමට Umran Malik යොමු කළ අධි වේගී පන්දුව.!

ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟයෙන් ලකුණු 168ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කල ඉන්දීය කණ්ඩායම 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට පසුගිය දා සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඉන්දීය නායක Hardik Pandya පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 234ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 235ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසිලන්ත පිතිකරුවන්ට පන්දුවාර 12.1 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 66ක් පමණයි

මෙහිදී ඉන්දීය යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක Umran Malik යොමු කල පන්දුවක් තරඟයෙන් අනතුරුවත් ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් නිර්මාණය කිරීමට සමත් වුනා.

ඒ නවසීලන්ත ඉනිමේ 5වන කඩුල්ල ලෙස M Bracewellව දවා ගැනීමට තරඟයේ 4 වන පන්දුවාරයේ තෙවන පන්දුව ලෙස Umran Malik කෙළින්ම කඩුල්ලට යොමු කළ පන්දුවයි.

මෙහි විශේෂත්වය වූයේ පන්දුව කඩුල්ලේ වැදී බේල්ස් එක හයේ සීමාවට පිටතින් පතිත වීමයි.

එහි වීඩියො දර්ශන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button