Cricket NewsEXCLUSIVELPL

ඊයේ තරඟය අවසානයේ දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු තරුව “ඉම්රාන් තහීර්ගෙන්” නුවර යොවුන් ක්‍රිඩක සචිරු කොළඹගේට අපූරු දඟ පන්දු පාඩමක්.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මේ අතර ඊයේ දිනයේදී Dambulla Giants කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් සවිමත් කර ගැනීමට ඊයේ Kandy Warriors කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරඟය අවසානයේ Dambulla Giants කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නකු ලෙස ක්‍රිඩා කරන දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඉම්රාන් තහීර් ඊයේ තරඟයෙන් අනතුරුව Kandy Warriors කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක සචිරු කොළඹගේට දඟ පන්දු යැවීමේ පුහුණුවක් ලබාදී තිබෙනවා.

ඉම්රාන් තහීර් මීට පෙරද Jaffna Kings කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජේකාන්ත් වියස්කාන්ත් හටත් එවැනිම දඟ පන්ද පුහුණුවක් ලබා දුන් ආකාරය කැමරා ඇසට හසු වී තිබූ අතර ඊයේ තරගයේ දී සචිරු කොළඹගේ ට දඟ පන්දු යැවීමේ පුහුණුව ලබා දුන් ආකාරයද කැමරා ඇසට හසු වී තිබුණේ පහත ආකාරයටයි.

01

02

ජායාරූප සදහා විශේෂ ස්තූතිය @ThePapare.com ආයතනයට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7