Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය තවත් උඩු දුවයි – ප්‍රභල ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ක්‍රිකට් දිවියත් නිමා වෙන ලකුණු.!

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩල තුලද විශාල අර්බුධ ගණනාවක් උඩු දුවන කාල වකවානුවක ඉන්දීය ක්‍රිකට් පරිපාලනය ගනු ලබන තීරණ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පවා විශාල වශයෙන් විවේචනය වීම සුලභ දසුනකි.

රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් පසු ඉන්දියාව බිහිකලා යැයි සැලකෙන ස්ථාවරම ටෙස්ට් පිතිකරුවා වන චෙතෙශ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ මෙන්ම ඉශාන් ශර්මාද කෙටි කාලයක් තුල අසාර්ථක වීමත් සමඟ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය තුලදී ඔවුන් දක්වන දස්කම් සලකා බලා ඔවුන්ගේ ක්‍රිකට් ඉදිරි අනාගතය හා ඉන්දියාව නියෝජනය කිරීම සලකා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නියමිත බව ඉන්දීය ප්‍රකට පුවත් පතක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්ථා කර සිටිනවා.

මෙහි විශේෂත්වය නම් ක්‍රිකට් ලෝකයේ ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරි වසර තුල තම සංචිත තුල විශාල වෙනස්කම් රාශියක් සිදු කරන්නට සැරසෙන අතර ඒ සඳහා “විනෝද් කම්බ්ලිට” එරෙහිව සිදු කලා සේම “කුළය” මත පදනම්ව බොහෝ තීරණ ගැනීමට නියමිත බවත් එම ඉන්දීය පුවත්පත වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button