Cricket NewsEXCLUSIVELPL

LPL තරඟය අතරතුර දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු තරුව “ඉම්රාන් තහීර්ගෙන්” Jaffna යොවුන් ක්‍රිඩක විජයකාන්ත් වියස්කාන්ත්ට දඟ පන්දු පාඩමක්.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

මේ අතර ඊයේ Jaffna Kings කණ්ඩායම සහ Dambulla Giants කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට Jaffna Kings කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඊයේ තරඟය ඒ අනුව රාත්‍රී 10.30 පමණ වන විට අවසන් වුනා, කෙසේ නමුත් තරඟයෙන් අනතුරුව Dambulla Giants කණ්ඩායමේ ඉම්රාන් තාහිර් , Jaffna Kings කණ්ඩායමේ යොවුන් පා දග පන්දු ‍යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ට දග පන්දු ‍යැවීමේ පාඩමක් කියා දුන් ආකාරය කැමරා ඇසට හසු වූ තිබුනා.

වියස්කාන්ත් ට මෙම පාදග පන්දු ‍යැවීමේ පාඩම කියාදෙන අවස්ථාවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් එදෙස බලා සිටින අයුරු අපට දක්නට ලැබුනු
අතර ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, පිතිකරණ පුහුණුකරු ජෙහාන් මුබාරක් වගේම දග පන්දු පුහුණුකරු මුතුමුදලිගේ පුෂ්පකුමාර ද එම ස්ථානයේ රැදි සිටියා.

ඒ පිළිබඳව පා දග පන්දු ‍යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් විශේෂ ට්විටර් සටහනක් ද තබමින් ඉම්රාන් තාහිර් ට විශේෂ ස්තුතියක්ද පල කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button