Cricket NewsEXCLUSIVE

ඊයේ තරඟයේ සිදු වූ පාදයේ අභාදය හේතුවෙන් වනිඳු හසරංගට හෙට පැවැත්වෙන දෙවන තරඟය අහිමි වෙයි.!

ඕස්ට්‍රේලියාව සමග හෙට(16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව අභ්‍යන්තර ක්රිකට රාන්චි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ, ඔහු ඊයේ(14) පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්. ඊයේ වනිදුගේ අවසන් පන්දුවාරය යැවූ පසු ඔහු පිටියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ අතිරේක ක්‍රීඩකයකු ලෙස තරඟයක එක් වුවා.

වනිඳු හසරංග අද(15) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔහුට හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7