Cricket NewsEXCLUSIVEInternational

T20 ක්‍රිකට් ආකෘතියේ බිහි වූ අති ප්‍රවේගකාරි පිතිකරුවා AB de Villiers සියලුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රිඩාවට සමු දෙයි.!

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක AB de Villiers සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් AB de Villiers දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට 2018 වසරේදී සමු දුන් අතර ඉන් අනතුරුව ලොව පුරා Premiere League තරගාවලි කිහිපයකට ක්‍රීඩා කරනු ලැබුවා.

ඔහු අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායම වූයේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායමයි.

එමෙන්ම ⁣RCB කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයකු වන AB පසුගිය IPL තරඟාවලි පුරාවට ඉතා ඉහල දස්කම් දැක්වීමට සමත්වුයේ සිය මනරම් පිතිකරණ හැකියාවෙන් පන්දු යවන්නන් අසරණ කරමිනි.

කෙසේ නමුත් මෙවර ඩුබායි හිදී පැවැත්වුන ඉන්දීය ප්‍රිමියර් ලීග් දෙවන අදියරයේදි ඉහල දස්කමක් දැක්වීමට AB අසමත් වුණා.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට බිහිවූ සුපිරි තරුවක් වන AB de Villiers ලොව පුරා Premiere League කණ්ඩායම් 17ක් නියෝජනය කර තිබෙනවා.

ඒ අතරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔහු නියෝජනය කළ RCB සහ Delhi Daredevils කණ්ඩායම විශේෂයි.

අද විශ්‍රාම ගන්නා විට ඔහුගේ ක්‍රිකට් දත්තයන් පහත පරිදි පෙළ ගැස්වී තිබුනා.

AB de Villiers ටෙස්ට් ලකුණු 8765ක් ද, එක් දින ලකුණු 9577ක්ද, විස්සයි විස්ස ලකුණු 1672 ක්ද දකුණු අප්‍රිකාව වෙනුවෙන් රැස් කිරීමට සමත්ව සිටියා.

එමෙන්ම ලොවපුරා Premiere League තරග ඇතුළුව විස්සයි විස්ස තරඟ 340 ක ට සහභාගි වී තිබෙන ඒබී ඩි විලියර්ස් එහිදී මුළු ලකුණු 9424ක් රැස්කර ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී ඔහු රැස්කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 133ය.

සිය විශ්‍රාම ගැනීම පිළිබඳව විශේෂ Twitter සටහනක් සිය නිල ට්විටර් ගිණුමට එක් කරමින් AB de Villiers සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කර තිබුණේ මෙලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7