“මීළඟ ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම ශ්‍රී ලංකාව වේවි, ඔවුන්ගේ දස්කම් සැමටම දැකගත හැකි වේවි” – කොදෙව් හිටපු නායක ඩැරන් සැමී
2021 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගියදා අවසන් වූයේ සිය කුළුදුල් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි.
එහි අනුශූරතාවය කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායමට හිමිවුණා.
මේ අතර මෙවර තරගාවලියේ දී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා බොහෝ විස්තර විචාරකයින්ගේ විශේෂ අවධානයකට ලක්ව තිබුණා.
එමෙන්ම මෙවර ICCය විසින් නම් කරන ලද ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත් වුණා
එමෙන්ම ESPN Cricinfo විසින් නම් කරන ලද මෙවර ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගයි.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවරක් 2020 ලෝක ශූරයන් කරාම හේතු ටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ඩැරන් සැමී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ ඊයේ රාත්‍රියේ විශේෂ Twitter පණිවිඩයක් සටහන් කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ තවත් කුඩා වෙනස්කම් කිහිපයක් මගින් 2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකව යනු කවුරුන්දැයි ඔවුන් ලෝකයටම පෙන්වනු ඇති බවයි.
ඒ පිළිබඳව ඩැරන් සැමී තැබූ සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්
“මම දැන් කියන්න යන්නේ මේකයි, විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මම දුටු නැගී එන දක්ෂතාත් සමග ඔවුන්ට තව එක් වේග පන්දු යවන්නෙක් සහ අංක 7 ස්ථානයේ ඉනිමක් අවසන් කල හැකි පිතිකරුවෙක් සොයා ගත හැකි නම්, 2022 ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගේ දක්ෂතා සැමටම බලා ගත හැකි වේවි.”
ඩැරන් සැමී සිය නීල ට්විටර් ගිණුමේ තැබු සටහන පහතින්
I’m going to say this now. With the emerging talent I saw in @OfficialSLC in the @T20WorldCup if they can discover one more fast bowler and a finisher at number 7 preferably a left hander teams better watch out in Australia 2022.
— Daren Sammy (@darensammy88) November 18, 2021