Cricket NewsEXCLUSIVEFuture StarsIPLPremier League

මට ඔහුට මුහුණ දීමට අවශ්‍ය නැ, වෙලාවට ඔහු අපෙ කණ්ඩායමේ – Ruturaj Gaikwad මතීෂ පතිරණ ගැන කියුදේ..

අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව.

නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ.

චෙන්නායි කණ්ඩායමට ලසිත් මාලිංග එක්ක තියෙන්නෙ එච්චර හොද මතකයන් නම් නෙමෙ, 2013 IPL final , 2015 IPL Final, 2019 IPL Final වල ලසිත් මාලිංග චෙන්නායි කණ්ඩායමට උරුම කලෙ පරාජයන් විතරයි .

නමුත් දැන් චෙන්නායි කණ්ඩායමට ඉන්න අලුත් මාලිංග කෙනෙක්. ඔහු දැනටමත් ඔප්පු කරමින් ඉන්නව ඔහුත් මාලිංග මට්ටමටම පැමිණිය හැකි ක්‍රීඩකයෙක් කියලා . ඒ මතීෂ පතිරණ .

මතීෂ පතිරණ ගැන ඔහුගෙ කණ්ඩායම් සගයෙක් වන Ruturaj Gaikwad කියන්නෙ මෙහෙම අදහසක්.

“පුහුණුවීම් කරන දැල තුල ඔහුගෙ පන්දු වලට මුහුණ දීමට මම වැඩිය කැමති නැ. මොකද ඇත්තටම ඔහුගෙ පන්දු තෝරා බේරා ගැනීමට අපහසුයි. ඔහුගෙ පන්දුව පැමිණිමෙ length එක සිතා ගැනීමට අපහසුයි.

පලමුව ඔහුගෙ පන්දුව කොහෙන්ද එන්නෙ කියලා හොයා ගන්න ඕන, දෙවනුව Line එක හා length ගැන හිතන්න ඕන. එතකොට අපි හැම වෙලේකම පරක්කු වෙනව හිතීමෙන්. හොද වෙලාවට ඔහු අපෙ කණ්ඩායමෙ ඉන්නෙ. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
85
+1
19
+1
46
+1
6
+1
7
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7