Cricket NewsEXCLUSIVEILT20

ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරන Abu-Dubai Knight Riders කණ්ඩායමට චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3ක් එක් කර ගනී.!

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලිග් තරඟ කදිම සාදකයක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව ෆ්‍රැරැන්චයිස් ක්‍රිකට් ලිග් තරඟාවලින් අතරට එක් වන අලුත්ම තරඟාවලිය ILT20 හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැත්වීමට සැලසුම් කරන අලුත්ම ජාත්‍යන්තර විස්සයි-20 ලීගය International League T20 තරඟාවලියයි.

මේ අතරින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kolkata Night Riders කණ්ඩායම් හිමිකාරීත්වට දරන ශාරුක් ඛාන් විසින් ILT20 තරඟාවලියේ Abu Dhabi Night Riders කණ්ඩායමේ හිමිකාරීත්වයේ ලබාගත් අතර ඒ Knight Riders Group යටතේය. මේ අතර මීට සුළු මොහොතකට පෙර Abu-Dubai Knight Riders කණ්ඩායම මෙවර ILT20 තරඟාවලියේ සිය සංචිතය නිවේදනය කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 14 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට තවමත් Local Players ලා හෙවත් UAE ක්‍රීඩකයින් නම් කර නැහැ.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් 14ක් ඇතුලත් සංචිතය තුළට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් නම් වී ඇති අතර ඒ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු චරිත් අසලංක, වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සහ තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්නයි.

මීට අමතරව මෙම සංචිතයට බටහිර ඉන්දිය කොදෙව් සුපිරි පිතිකරු Andre Russell, Sunil Narayenන් ඇතුළු සුපිරි ක්‍රිඩකයන් රැසක් ඇතුලත්ව තිබෙනවා.

Abu-Dubai Night Riders කණ්ඩායමේ සංචිතය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button