Cricket NewsEXCLUSIVEInternational

මෙවර IPL තරඟාවලියේ සුපිරි දස්කම් දක්වන Baby AB හෙවත් 19 හැවිරිදි Dewald Brevis දකුණු අප්‍රිකානු සංචිතයට.!

පසුගිය දා නිමාව දුටු 19න් පහල ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියාවන්නට 19 හැවිරිදි යොවුන් පිතිකරු ඩෙවල්ඩ් බ්‍රේවිස් සමත් විය.

දකුණු අප්‍රිකාව බිහිකල විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන AB de Villiersගේ නූතන ආගමනය ලෙසයි ඔහුව සැලකෙන්නේ. පිටිය සිසාරා එල්ල කරන පහරවල් බොහෝ විට AB de Villiers පහරවල් වලට බොහෝසෙයින් සමාන කම් පැවතීම හා Dewald Brevis හොඳ තාක්ෂණයකින් හෙබි පිතිකරුවෙකු වීම සමකාලීන ක්‍රීඩකයින්ට වඩා ඔහු තුල වැඩි බලාපොරොත්තු රැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් මෙන්ම ජාත්‍යන්තරයද පෙලඹවූ බව නම් නොරහසකි.

Mumbai Indians වෙනුවෙන් Dewald Brevis මෙවර තරඟාවලියේදී සැලකිය යුතු මට්ටමේ ඉහල ලංසුවකට අලෙවි විය.බ්‍රේවිස් හට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වරම් ලැබීමත් සමඟින් ඔහු දිගින් දිගටම තමන් සතු ආක්‍රමශීලී පිතිකරණ රටාව පෙන්නුම් කරන්නට සමත් කම් දැක්වීය.ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාණු ජාතික සංචිතයේ දොරටු 19 හැවරිදි බ්‍රේවිස්ට විවර විය.

මේ බව සුප්‍රකට වෙබ් අඩවි ගණනාවක් සටහන් තබා තිබුණි.ඒ අතුරින් මෑත කාලීනව මෙම කරුණ පුන පුනා සඳහන් කරන්නේ Inside sports විසිනි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබන ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට Dewald Brevis එක් කරගැනීමට නියමිත බව සඳහන් .

Dewald Brevis මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දක්ෂතා අතර සිටීම හා දකුණු අප්‍රිකානු සංචිතය තුල නොම්බර 3 හෝ 4 ක්‍රීඩා කල හැකි පිතිකරුවෙකුගේ අවශ්‍යතාව කැපී පෙනුනි.ඒ හේතුවෙන් Dewald Brevis හට බොහෝ විට මෙම අවස්ථාව හිමි වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7