Cricket NewsEXCLUSIVE

අත්දැකීම් බහුල පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් !

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පළමු එක්දින තරඟය අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 268 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක යලිත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකලා සටනක නියැලෙද්දී ඔහුට අගනා සහයක් ලබාදුන්නේ පිතිකරණ ලයිස්තුවේ නිසි ස්ථානයක් පවා නොමැති දනංජයද සිල්වායි.

ශතකය පෙනෙන මානයේදී අපරික්ෂාකාරී කඩුලු අතර දිවයාම හේතුවෙන් චරිත් අසලංකගේ අගනා ඉනිම ලකුණු 91 කට සීමා විය.ඔහුට අනගි සහයක් ලබාදුන් දනංජය ලකුණු 51 ක් රැස් කල අතර පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ෆරීඩ් අහම්ඩ් හා ෆසාල් හක් ෆරූකි අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය ලකුණු 269 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් නවක පිතිකරු IBRAHIM ZADRAN ලකුණු 98 කට අවසානාවන්ත අන්දමින් දැවී ගියේය.රහ්මට් ශා තවත් අර්ධ ශතකයකින් ඇෆ්ගනිස්තාන ඉනිමට දායකත්වය ලාබාදෙද්දී ඔහුගේ නම ඉදිරියේ ලියැවී තිබූ ලකුණු සංඛ්‍යාව 55 ක්.

ඉනිමේ අගබාගයේදි නායක හශ්මතුල්ලා සමඟින් එකතු වූ නබී ඇෆ්ගනිස්තානය නියමිත ඉලක්කය පසු කරමින් රැගෙන ගියේය.පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කසුන් රාජිත කඩුලු දෙකක් බිඳ හෙලීය.

ඒ අනුව පන්දුවාර තුනකුත් එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 269 ක් ලබාගනිමින් කඩුලු 6කින් පළමු එක්දින තරඟයේ ජය හිමිකරගන්නට සංචාරක ඇෆ්ගනිස්තානය සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button