Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් ඉනිම් හතර තුල රැස්කරන්නට ගිය තෙවැනි ශතකය පෙනෙන මානයේදී IBRAHIM ZADRAN ලකුණු 98 කට දැවී යයි !

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පළමු එක්දින තරඟය අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 268 ක් පමණයි.

ලකුණු 269 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් නවක පිතිකරු IBRAHIM ZADRAN ලකුණු 98 කට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ Fineleg හි පන්දු රකිමින් සිටි සධීර සමරවික්‍රම අතට උඩපන්දුවක් ලබාදෙමින්.

කෙසේ නමුත් ZADRAN ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කල අවසන් ඉනිම් හතර තුලදී ශතක දෙකක් රැස් කරන්නට සමත් වූ අතර අද ඔහුට අහිමිවූයේ ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කිරීමට තිබුණු 3 වැනි ශතකයයි.

ශතකය ආසන්නයේදී වඩාත් ඉවසලිවන්ත වෙමින් පිතිකරණයේ යෙදුණු ZADRAN අවසන් මොහොතේ දැවීගියේ දුර්වල පහරක් එල්ල කිරීමට යාමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7