Cricket NewsEXCLUSIVEInternational

රශීඩ් ඛාන්, ගුර්බාස් ඇතුළු ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ බංගලදේශයට කඩුලු 7ක දැවැන්ත පරාජයක්.!

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුණු තරග 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවන තරඟය ජයග්‍රහණය කරමින් ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.

ඒ Chittagong හි Zahar Ahamed Chowdhury ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ තෙවන තරඟයේ දී බංලාදේශයට එරෙහිව කඩුලූ 7 ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට රිසිසේ ලකුණු රැස් කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 46 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී බංගලාදේශ පිතිකරුවන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

එහි දී බිඳ වැටුණු බංගලාදේශ ඉණිම ශක්තිමත් කරමින් Liton Das ලකුණු 86ක් බංගලදේශ ඉනිමට එක් කලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ශකීබ් අල් හසන් ලකුණු 30ක් රැස් කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 29ක් රැස්කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Rashid Khan කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර මොහොමඩ් නබී කඩුලු දෙකක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිතිකරුවන් පන්දුවාර 40 කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 193ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Rahamanullah Gurbaz ලකුණු 106 ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුට අනගි සහායක් ලබාදුන් Rahamat Sha ලකුණු 47 රැස් කළ අතර Riaz Hassan ලකුණු 35 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී Mehidy Hasan කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය Rahamanullah Gurbaz හට හිමි වූ අතර තරගාවලියේ වීරයා ලෙස Liton das සම්මානයට පාත්‍ර වුණා.

කෙසේ නමුත් තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශය ජයග්‍රහණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button