Cricket NewsEXCLUSIVEInternational

“පකිස්තානි මාලිංගා” ලෙසින් පකිස්තානු ක්‍රීඩා ලෝලීන් හඳුන්වන ලසිත් මාලිංගගේ ඉරියව්වට අතිශයින් සමානව පන්දු යවන Zaman Khan.!

අතිශය තියුණු මුහුණුවරක් ගෙන තිබුණු පකිස්තානු සුපර් ලීගය මෙවර නිමාව දුටුවේ ලාහෝර් ක්වාලෑන්ඩර්ස් පිලට ශූරතාවය හිමිකර දෙමිනි.

මෙවර තරඟාවලියේ සුපිරි දස්කම් පාමින් 20 හැවරිදි වේගපන්දු යවන ක්‍රීඩක සමාන් කාන් තරඟවලියේ නැගී එන ක්‍රීඩකයා බවට පත් වුනා.

සමාන් කාන් මේ වන විට පකිස්තානු ක්‍රීඩා ලෝලීන්ගේ නවතම උන්මාදය බවට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව අතිශයින්ම ලසිත් මාලිංගේ ඉරියව්වට සමාන කම් කීම හේතුවෙනි.

මෙවර පකිස්තානු සුපර් ලීගයේ නැගී එන ක්‍රීඩකයා වෙමින් තරඟ 13 කදී කඩුලු 18 ක් බිඳ හෙලමින් තරඟාවලියේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ද ඔහු සමත් විය.

කරච්චි කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක් ලකුණු 16 කට බිඳ හෙලීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූ අතර පකිස්තානු ක්‍රීඩා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් සමාන් ව එරට ක්‍රීඩා ලෝලීන් හඳුන්වන්නේ පකිස්තානි මාලිංගා යනුවෙනි.

සමාන් කාන් පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button