Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

තමන්ට සරණක් වෙන්නැයි ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අයිසීසීයෙන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානයට බියෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ පදිංචිවී සිටින ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන ලෙස අයිසීසීයෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

එම සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පදනම් කරගත් නැඟෙනහිර ආසියානු ක්‍රිකට් කාර්යාලය විසින් කළමනාකරණය කරනු ලැබිය හැකි බවත්, ඇෆ්ගනිස්තාන ධජය නොමැතිව සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටී.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් තහනම පනවා වසර තුනක් ගතවී ඇති අතර, එරට හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් බියෙන් පලා ගියහ. එහෙත් එම ක්‍රීඩිකාවන් විවිධ රටවල පුහුණුවීම් සිදුකරමින් සිටින හෙයින් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ සරණාගත කණ්ඩායමක් පිහිටුවීමට උදවු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

තලේබාන් සංවිධානය බලයට පත්වීමට පෙර 2020දී ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් මණ්ඩලයේ කොන්ත්‍රාත් යටතේ සිටි කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 17ක් අයිසීසී සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළහ. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිහින දකින නමුත් ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා කළ නොහැකි සියලුම ඇෆ්ගනිස්තාන කාන්තාවන් මෙම සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ඇති බවද දැනුම්දී තිබේ.

තලේබාන් රජය පිහිටුවා මාස 9කට පසු ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩා තහනම් කරන ලද අතර ගැහැනු ළමයින්ගේ උසස් අධ්‍යාපනයට ප්‍රශ්න මතුවිය. මේ හේතුවෙන් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් විදේශගත වීමට උත්සාහ කළ අතර, ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සැලකිය යුතු පිරිසක් දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button