Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ කැපී පෙනෙන නැගිටීමක් සිදු කළා.. ඔවුන් දැන් එංගලන්ත කණ්ඩායම වගේ ආක්‍රමණශිලියි” – ඉන්දීය හිටපු ක්‍රීඩක Nikhil Chopra

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරඟය හෙට රාත්‍රී 7:30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ ව අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිට පිටම තරග 4ක් ජයග්‍රහණය කරමින් ජයග්‍රහි මානසිකත්වයක පසුවනවා.

ඊයේ පාකිස්ථාන කණ්ඩායම සමග පැවති Super 4 කාණ්ඩයේ අවසන් තරගය ද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඉන්දීය හිටපු ක්‍රීඩක Nikhil Chopra සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය මේ වනවිට එංගලන්ත කණ්ඩායමට බෙහෙවින් සමාන බවයි.

CricTracker හි Run Ki Runneeti වැඩසටහනට එක්වෙමින් Nikhil Chopra මේ බව ප්‍රකාශ කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Nikil Chopra,

“ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ කැපීපෙනෙන පුනරාගමනයක් දීලා තියෙනවා මේ වෙනකොට. ඔවුන් හරියට එංගලන්ත කන්ඩායම වගේ ආක්‍රමණශීලීව ක්‍රීඩා කරනවා. ඇෆ්ගනිස්තාන තරග පරාජයෙන් පසුව ඔවුන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා. ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ක්‍රීඩා කරන බවක් පේනවා. ඒ වගේම පකිස්තාන මැදපෙල ශක්තිමත් වෙමින් පවතිනවා. අවසන් මහා තරගය සිත්ගන්නා සුළු තරගයක් වීමට නියමිතයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7