Cricket NewsEXCLUSIVEIPL

අවසන් පන්දුව තෙක් ඇදී ගිය අතිශය තියුණු තරඟයකින් අනතුරුව, අවසන් පන්දුවේදී CSK පරාජය කරමින් Punjab Kings තියුණු ජයක් වාර්තා කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක තියුණු ජයක් හිමිකර ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 200ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Devon Conway පන්දු 52කදී ලකුණු 92ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 201ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 201ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Prabhsimran Singh පන්දු 24ක් තුල වෙගවත් ලකුණු 42ක් රැස් කල අතර Liam Livingstone ලකුණු 40ක් රැස් කළා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
2
+1
5
+1
2
+1
4
+1
9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7