Cricket NewsEXCLUSIVEIPL

ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අවසන් පන්දු වාරයේ පළමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් Tim David ගිනිකෙළි සැණකෙළියකින් Mumbai Indians ජයග්‍රහණය කරා රැගෙන යයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක තියුණු ජයක් හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Yashasvi Jaiswal පන්දු 62කදී ලකුණු 124ක් වාර්තා කිරීමට සමත් වුනා. පන්දු යැවීමේදී Arshad Khan කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 213ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 214ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Suryakumar Yadav පන්දු 29ක් තුල වෙගවත් ලකුණු 55ක් රැස් කල අතර Tim David පන්දු 14කදී ලකුණු 45ක් රැස් කළා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
4
+1
1
+1
7
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button