Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් තරඟ සියයක් ජයගත් වේගත්ම ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙයි !

සංචාරක අයර්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් හා ලකුණු 10 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්ථා අතරට එක්වූයේ ටෙස්ට් තරඟ සියයක් ජයගත් වේගවත්ම ආසියාතික කණ්ඩායම ලෙසටයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක බැල්බර්නි මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කල අතර කැම්පර් හා සටර්ලිංගේ ශතක වලින් සවිමත් වූ අයර්ලන්ත පළමු ඉනිම දිස්වූයේ ලකුණු 492 ක් ලෙසටයි.

විටින් විට තරඟයට වර්ෂාවෙන් හා අයහපත් කාලගුණයෙන් බාධා වූ අතර අයර්ලන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම සඳහා සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් රැස් කල අතර ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් සිව් දෙනාම ශතක රැස් කල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක් හා නිශාන් මධුශ්ක ලකුණු 205 ක් බැගින් රැස් කිරීමට සමත් විය.නායක දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් හා ඇන්ජලෝ මැතිව්ස්ගේ පිත්තෙන්ද ශතකය බැගින් වාර්තා විය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වතාවක් ලකුණු 700 සීමාව පසු කරගිය කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වූ අතර ඒ අවස්ථා හතකදී එම සීමාව පසු කර යමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 212 ක ඉලක්කයක් අයර්ලන්තයට හිමිවූ අතර රමේශ් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟයේ පස්වන දිනයේදී සමස්ත තරඟයේ පාලනය තමන් සතු කරගත් අතර දෙවන සැසිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී අයර්ලන්ත කණ්ඩායම ලකුණු 202 කට සීමා කිරීමට සමත් විය.

අයර්ලන්ත පළමු ඉනිමෙන් පසු මාධ්‍ය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් හි වගකිවයුත්තෙකුගේ විවේචනයට ලක්වූ රමෙව්ශ් මෙන්ඩිස් ලකුණු 64 කට කඩුලු 5 ක් බිඳ දමන්නට සමත් විය.දිනය පුරාවටම පිතිකරුවන්ට අභියෝගාත්මක වූ අසිත ප්‍රනාන්දුගේ ගිණුමට කඩුලු දෙකක් බැර වෙද්දී ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකකට හිමිකම් කීවේය.

ඒ අනුව සංචාරක අයර්ලන්තය ඉනිමකින් හා ලකුණු 10 කින් පරාජය කරමින් තරඟාවලිය 2-0 ක් ලෙසින් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

දෙවන හා අවසන් තරඟයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
8
+1
7
+1
11
+1
4
+1
4
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button