Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම වාසනාවක්, පුදුමාකාර ලස්සන රටක් මේක..” – නිවාඩු කාලයේ ගෝල්ෆ් ක්‍රිඩාවේ නිරත වීමෙන් අනතුරුව Glenn Maxwellගෙන් ලොව පුරා සංචාරකයන්ට ආරාධනාවක්.!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වනවිට තරග 3ක් අවසන් වී ඇති අතර එහිදී 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පෙරමුණ ගෙන සිටිනවා.

ඒ ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟයි.

මේ අතර තරඟ නොමැති නිවාඩු දිනයන්හි ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයන් ශ්‍රී ලංකාවේ ගෝල්ෆ් ක්‍රිඩාවේ නිරත වී තිබෙනවා.

එහි දී ගෝල්ෆ් ක්‍රිඩා කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු Glenn Maxwell ශ්‍රී ලංකාව පිළිබඳ අපුරු වචන කිහිපයක් මාධ්‍ය වේදින් සමග හුවමාරු කරගනු ලැබුවා.

එහිදී Glenn Maxwell සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ටිකක් අමාරු කාලයක්.

ඇත්තටම ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම වාසනාවක් විදියට මම දකිනවා, පුදුමාකර ලස්සන රටක් මේක.. ඒ වගේම බොහොම සතුටින් විනෝදයෙන් ඉන්න ආදරණීය මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව කියන්නෙ..

ඉදිරියේදි තවත් හොඳ වින්ඳනාත්මක ක්‍රිකට් අපිට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට හැකිවෙයි කියල හිතනවා..

Glenn Maxwell අදහස් දැක්වූඑම වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7