Cricket NewsEXCLUSIVEILT20

දෙදෙනා එක්ව තරඟය ජයග්‍රහණය කරවීමෙන් අනතුරුව දසුන් ශානකව ඉදිරියට දමා ඔහුගේ පසු පසින් ආ Sikandar Raza – “අයියා මල්ලිගේ” සහෝදරත්වය ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ඇගයීමට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 29වන තරඟය ලෙස Dubai Capitals කණ්ඩායම සහ MI Emirates කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරගනිමින් තව දුරටත් තරඟාවලියේ රැඳී සිටීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Dubai Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට MI Emirates කන්දයමට් ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහර දුන් MI Emirates කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 165ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dubai Capitals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Dubai Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක පන්දු 36ක් තුල වෙගවත් ලකුණු 58ක් රැස් කල අතර Sikandar Raza ලකුණු 56ක් රැස් කළා. ඔවුන් දෙදෙනා විසින් නොබිඳුණු ලකුණු 122ක සබඳතාවයක් පවත්වමින් Dubai Capitals කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යනු ලැබුවා.

තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Sikandar Raza සහ දසුන් ශානක අතර ඇති වූ සිදුවීමක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩිව කතා බහට ලක් වන මාතෘකාවක් බවට පත් වූ තිබෙනවා.

එහිදී දසුන් ශානක පළමුවෙන් Sikandar Raza හට යාමට අවස්ටහ්ව ලබා දුන්නත් Sikandar Raza නැවතත් දසුන් ශානකව ඉදිරියට තල්ලු කරන ආකාරය එහි දැක්වෙනවා.

අදාල වීඩියෝ සටහන් පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button