Cricket NewsEXCLUSIVEMatch ReviewWoman Cricket

ලකුණු 2කක තියුණු ජයක් සමගින් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහිව ඇරඹීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වෙයි.!

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (06) පළමු වැනි පෙරහුරු තරගට සහබාගි වූ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 02 ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

අවසන් පන්දුවාර දෙකේදී අයර්ලන්තයට ලකුණු 15 ක් අවශ්‍ය වී තිබු අත. ඕෂධී රණසිංහ යැවූ 19 වැනි පන්දුවාරයෙන් ලකුණු 11 ක් ලබාගත් අර්ලීන් කෙලී (30) සහ කාරා මරේ (2) අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණයට දුර ලකුණු 4 ක් දක්වා අඩු කිරීමට සමත් වුනා.

එහෙත් සුගන්ධිකා කුමාරි යැවූ අවසන් පන්දුවාරයේදී අයර්ලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුලු දෙකම දවා ගැනීමට සමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 02 ක තියුණු ජයක් හිමිවුණා.

ශ්‍රී ලංකාව – 149 /5 (20)

හර්ෂිතා මාධවී 56,
චමරි අතපත්තු 27,
විශ්මි ගුණරත්න 36,
අනුෂ්කා සංජීවනී 17,

ලෝරා ඩෙලනි 20/3

අයර්ලන්තය – 147/10 (19.5)

ගැබී ලුවිස් 38,
ලෝරා ඩෙලනි 21,
ලුසී ලිට්ල් 11,
ලියා පෝල් 15,
අර්ලීන් නෝරා කෙලී 30,

ඕෂධී රණසිං 22/3,
ඉනෝකා රණවීර 26/3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button