Cricket NewsEXCLUSIVE

ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ පිටියේ සුපිරි දස්කම් දැක්වූ නිශාන් මදුෂ්කව ජාතික කණ්ඩායමට කැඳවයි.!

23 හැවිරිදි නිශාන් මදුෂ්කව එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තෝරාගෙන තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

පසුගියදා එංගලන්ත Lions පිලට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කරගත් Nishan මේ දක්වා පලමු පෙල තරග 37 ක් තුළ ඉනිම් 58 කදී ලකුණු 3,267 ක් ලබාගෙන තිබෙනවා. එයට ශතක 10 ක් සහ අර්ධ ශතක 14 ක්ද ඇතුළත් වෙනවා. ඔහුගේ පලමු පෙල තරගවල සාමාන්‍යය 61.64 කි.

පසු ගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද ප්‍රකශ කර සිටියේ “නිශාන් මදුෂ්ක ලකුණු රැස් කරන ආකාරය අනුව අපට ඇස් පියාගෙන ඉන්න බැහැ, අනිවාර්යයෙන්ම අපි ඔහුව ජාතික කණ්ඩායමට ගේනවා” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button