Cricket NewsEXCLUSIVEInternational

වසර තුනකට පසුව ජාතික කණ්ඩායමට පැමිණි ඇලෙක්ස් හේල්ස් එංගලන්තයට ජය ගෙනෙයි !

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර තරඟ හතකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ඊයේ කරච්චි හිදී ආරම්භ විය.නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අන්තර්ගත කරගනිමින් වැඩ බලන නායක මොයින් අලීගේ නායකත්වයෙන් යුතුව එංගලන්තය කණ්ඩායම තරඟයට පිවිසුණි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මොයින් අලී පකිස්තානයට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කලේය.මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නායක බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් පකිස්තානු පන්දු යවන්නන් හට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් අතර පළමු කඩුල්ල බිඳවැටෙන විට පන්දුවාර 9කදී ලකුණු 85 ක් පකිස්තානු ලකුණු පුවරුවට ඔවුන් දෙදෙනා එක් කලේය.නායක බාබර් ලකුණු 31 ක් රැස් කල අතර මොහොමඩ් රිස්වාන් පන්දු 46 කදී වේගවත් ලකුණු 68 ක් රැස් කලේය.හතරේ පහර 6කින් හා හතරේ පහර 2කින් එම ඉනිම වර්ණවත් විය.රිස්වාන් දවාගැනීමෙන් පසුව තරඟය තම පාලනයට නතු කරගත් ලූක් වුඩ් ප්‍රමුඛ එංගලන්ත පන්දුයවන්නන් හමුවේ පකිස්තානු මැදපෙල හා පසුපෙල පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකිවිය. ඒ අතුරින් ලකුණු 15 සීමාව ඉක්මවා යන්නට හැකියාව ලැබුණේ ලකුණු 28 ක් රැස් කල ඉෆ්තිකාර් අහමඩ් හට පමණයි.සංචාරක පන්දුයවන්නන්ගේ සාර්ථක පන්දු යැවීම ඉදිරියේ පකිස්තානු පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් පකිස්තානු ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් ලෙස සටහන් විය.

තම මංගල විස්සයි විස්ස තරඟය සඳහා එක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳ දමද්දී අදිල් ‍රශීඩ් කඩුලු 2 ට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි එංගලන්තයට අවශ්‍ය අඩිතාලම දමන්නට ඇලෙක්ස් හේල්ස් සමත් විය.වසර 3 කට පසුව ජාතික කණ්ඩායමට පැමිණි ඔහු පන්දු 40 කදී ලකුණු 53 ක් ලබාගනිමින් සිය 9 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කලේය.ඉනිමට ප්‍රවේකාරී අවසානයක් ලබාදෙමින් යොවුන් පිතිකරු හැරී බෲක්ස් පන්දු 25 කදී නොදැවුණු ලකුණු 42 ක් රැස් කල අතර පන්දුවාර 19 කුත් පන්දු 2 ක් අවසානයේදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 160 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කරගියේය.පන්දු යැවීමේදී පකිස්තානු කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ක්වාදීර් කඩුලු දෙකක් හා නසීම් ශා හා මොහොමඩ් නවාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

පළමු තරඟය කඩුලු 6කින් ජයගත් සංචාරක එංගලන්ත කණ්ඩායම තරඟ 1-0 ක් ලෙසින් තරඟාවලියේ පෙරමුණ දිනාගනිද්දී මංගල තරඟයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලූක් වුඩ් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button