Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

හැරී ටෙක්ටර්ගේ නැඟණිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එයි

ලබන මස පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා වන සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට පළමු වරට ඇලිස් ටෙක්ටර් කැඳවා තිබේ. ඇය අයර්ලන්ත පිරිමි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු හැරී ටෙක්ටර්ගේ බාල සොහොයුරියයි.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා පිල විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට එක්වන අතර, බෙල්ෆාස්ට්හිදී එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ අගෝස්තු 16 සිට 20 වැනිදා දක්වාය. එම තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ඇතුළත් වෙයි. මේ තරගාවලියට පෙර දෙරට අතර ඩබ්ලින්හිදී තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 11 සහ 13 පැවැත්වේ.

මේ තරගාවලි ද්විත්වයටම ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත සංචිත දෙකක් තෝරාගෙන ඇති අතර, මේ කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස ලෝරා ඩෙලනි කටයුතු කරයි. ක්‍රිස්ටිනා කූල්ටර් රීලි ද පළමු වරට සංචිතයට කැඳවා ඇති අතර, උනා රේමන්ඩ් හෝයිට 2019 වසරෙන් පසු අවස්ථාවක් ලැබී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
5
+1
9
+1
1
+1
3
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button