Cricket NewsEXCLUSIVE

“සිම්බාබ්වේ ඉදිරියේ අපි පරාජය වේයැයි බලාපොරොත්තු වුනේ නෑ..ඒක ලැජ්ජාවක්, අපි ඔවුන්ට වඩා හොඳ කණ්ඩායමක්” – බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක Khaled Mahmud

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය තීරණාත්මක තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 10ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

එමෙන්ම මෙය ඉතිහාසයට එක් වුයේ සිම්බාබ්වේ කණ්ඩායම විසින් බංගලාදේශයට එරෙහිව වාර්තා කල පළමු විස්සයි-20 තරඟාවලි ජයග්‍රහනය් ලෙසිනි.

තරඟාවලියේ පළමු තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කල අතර දෙවන තරඟය බංගලාදේශය ජයග්‍රහණය කරමින් තරඟාවලිය සම කල අතර තෙවන තරඟය ජයග්‍රහණය කල සිම්බාබ්වේ තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහනය කළා.

කෙසේ නමුත් සිම්බාබ්වේ ඉදිරියේ ලැබූ මෙම පරාජය පිළිබඳව බංගලාදේශ ක්‍රිකට් රසිකයන් මෙන්ම ක්‍රිකට් බලධාරීන් ද මේ වන විට සිටින්නේ දැඩි අසතුටකින්.

ප්‍රසිද්දියේම ඒ පිළිබඳව ප්‍රකාශ කල බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක Khaled Mahmud ප්‍රකශ කර සිටියේ “සිම්බාබ්වේ ඉදිරියේ අපි පරාජය වේයැයි බලාපොරොත්තු වුනේ නෑ..ඒක ලැජ්ජාවක්, අපි ඔවුන්ට වඩා හොඳ කණ්ඩායමක්”යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7