Cricket NewsEXCLUSIVE

ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සටන් වදින මීළඟ තරඟාවලියේ සියලු තොරතුරු..

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළඹෙන ශ්‍රී ලංකා ඉන්දීය සංචාරයේ කාලසටහනේ වෙනසක් ද සමඟින් නිවේදනය කළේය.මෙවර තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නෙ Paytm විසිනි.

තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මුලින්ම පැවැත්වෙන අතර ඉන් අනතුරුව 2021-23 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක්ද පැවැත් වීමට නියමිතය.

පළමු විස්සයි-20 තරගය දැන් ලක්නව් හි පැවැත්වෙන අතර මීළඟ තරග දෙක ධර්මශාලාහිදී පැවැත්වේ. පළමු ටෙස්ට් තරගය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා මොහාලි හිදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා සිට 16 වැනිදා දක්වා බැංගලෝර්හිදී පැවැත්වේ.

සංශෝධිත කාලසටහන පහත පරිදි වේ.

පෙබරවාරි 24 බ්රහස්පතින්දා – පළමු විස්සයි විස්ස තරඟය ලක්නව් හීදී

පෙබරවාරි 26 සෙනසුරාදා – 2 වන විස්සයි විස්ස තරඟය ධර්මශාලා හීදී

පෙබරවාරි 27 ඉරිදා – තෙවැනි විස්සයි විස්ස තරඟය ධර්මශාලා හීදී

සිකුරාදා 4 සිට මාර්තු 8 දක්වා පළමු ටෙස්ට් තරඟය මොහාලි හීදී

12 වැනි සෙනසුරාදා සිට මාර්තු 16 දක්වා 2 වැනි ටෙස්ට් (දිවා/රාත්‍රී) බැංගලෝර් හිදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7