Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව වනිඳු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ තීරණාත්මක සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 11කට සහබාගි වී ඉන් තරඟ 5ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම Punjab Kings කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද තරඟයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

Royal Challengers Bangalore කණ්ඩායම ද මේ වන විට තරඟ 12කට මුහුණ දී ඉන් තරඟ 7ක් ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුනු සටහනේ 4වන ස්ථානයේ පසු වනවා.

Punjab Kings කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරඟය සහ ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී ඇති අතර Royal Challengers Bangalore කණ්ඩායමට පැවැත්වෙන තරඟ දෙකෙන් එක් තරඟයක් ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් වනවා.

ඒ අනුව අද තරඟය තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ අනුව Royal Challengers Bangalore සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Virat Kohli, Faf du Plessis (c), Rajat Patidar, Glenn Maxwell, Dinesh Karthik (wk), Mahipal Lomror, Shahbaz Ahmed, Wanindu Hasaranga, Harshal Patel, Josh Hazlewood, Mohammed Siraj

Punjab Kings –

Jonny Bairstow, Shikhar Dhawan, Bhanuka Rajapaksa, Liam Livingstone, Mayank Agarwal (c), Jitesh Sharma (wk), Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Arshdeep Singh, Sandeep Sharma

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7