Cricket NewsEXCLUSIVEInternational

විස්සයි20 ක්‍රීඩා­වේදී හොඳින් පන්දු යවන කණ්ඩා­යම ජය ගන්නවා. අපේ දක්ෂ පන්දු යව­න්නන් ඉන්නවා – ශ්‍රි ලංකා නායක වනිදු හසරංග

“එක්දින තර­ගා­ව­ලි­යේදී අපි හොඳින් කළා. හොඳ තණ­ති­ලි­වල ක්‍රීඩා කරන කොට අපි දන්නවා මොකක්ද කළ යුත්තේ කියා. මම ඕවර 4ක් දාන නිසා තණ­ති­ලි­ව­ලට අනුව කණ්ඩා­යම හදා ගන්නවා. ලෝක කුස­ලා­නය ඉදි­රියේ තියන නිසා ඒ ගැනත් කල්පනා කරන්න වෙනවා. දඹුල්ල පිටිය ඉතා හොඳයි. ක්‍රීඩා­ලෝ­ලීන් ගොඩක් එනවා”

“විස්සයි20 ක්‍රීඩා­වේදී හොඳින් පන්දු යවන කණ්ඩා­යම ජය ගන්නවා. අපේ දක්ෂ පන්දු යව­න්නන් ඉන්නවා. වේග පන්දු යවන බිනුර, මතීෂ හා නුවන්, මධු­ෂංක අපට ඉන්නවා. හොඳ 6ක් 7ක් අපට ඉන්නවා. තණ­තී­රුව කොහො­මද හැසි­රෙන්නේ කියලා බලන්න වෙනවා. අපට තව තරග 6ක් තියෙ­නවා ලෝක කුස­ලා­න­යට පෙර. මේ තරග හයේදී ලෝක කුස­ලා­නය පැවැ­ත්වෙන රටට සමාන තණ­තිලි ලැබෙ­නවා. පන්දු රැකීමේ තත්ත්වය උඩට ගන්න අව­ශ්‍යයි. කණ්ඩා­ය­මෙන් මා බලා­පො­රොත්තු වෙන්නේ හොඳ පන්දු රැකී­මක්” වනිඳු හස­රංග පැව­සීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7