International

ටිම් සවුති එංගලන්තයට

නවසීලන්තයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

පසුගිය වසරේ ජූලි මාසයේ මෙම තනතුර දරනු ලැබුවේ ජේම්ස් ඇන්ඩර්සන් විසින්.

ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව ඔහුව මෙම තනතුර සඳහා පත් කරනු ලැබුවා.

නමුත් ඔහු මේ වසරේ ගිම්හානයේදී ඔහු Lancashire ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව ඇති බව BBC Sports වාර්තා කරනවා.

සවුතිට මෙම තනතුර හිමි වුවහොත් ඔහුගේ පැරණි මිතුරා වන බ්‍රෙන්ඩන් මැකලම් සමඟ එක්ව එංගලන්ත පුහුණු කාර්ය මණ්ඩලයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button