Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂ පිළිබඳව ක්‍රිකට් රසිකයන් ගෙන යන #DontRetireBhanuka මෙහෙයුම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ.!

ප්‍රේක්ෂක ප්‍රතිචාර අපේක්ෂාවෙන් මෙන්ම කිසියම් යටි අරමුණු සහිතව සමාජ මධ්‍යයේ ක්‍රිකට් රසිකයන් විසින් රැගෙන යන #DontRetireBhanuka රැල්ල කඩාකප්පල් කිරීමේ අරමුණින් බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු භානුක රාජපක්ෂ පිළිබඳව දිගින් දිගටම අසත්‍ය පුවත් පල කිරීම ගෙවී ගිය සතිය පුරාවටම මෙන්ම තවමත් සිදුකරමින් පවතී.

බානුක ගේ සිදුවීමෙන් අනතුරුව බොහෝ වෙබ් අඩවි බොරදියෙහි මාලු බෑමට අදිටන් කරගෙන ඇති බවද නොරහසකි.

එහි ආසන්නතම සිදුවීම වූයේ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මගට පිවිස ඇති බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් භානුක රාජපක්ෂ තමන් හට විදේශීය ලීග් ක්‍රිකට් තරග වලට සහභාගිවීමට NOC හෙවත් විරෝධතාවයක් නොමැති බවට වු සහතිකය ලබා නොදීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මගට යන බව සඳහන් කරමින් වෙබ් අඩවි කිහිපයක හා ෆේස්බුක් පිටු කිහිපයක සටහන් තබා තිබු අතර ක්‍රිකට් රසිකයන් අතරද එම සිදු වීම හේතුවෙන් භානුක පිළිබඳව අප්‍රසාදයක් ඇති වී තිබුනා.

කෙසේ නමුත් මෙය එලෙස භානුක රාජපක්ෂ පිළිබඳව ක්‍රිකට් රසිකයන් අතර අප්‍රසාදයක් ඇති කර #DontRetireBhanuka සමාජ මාධ්‍ය මෙහෙයුම කඩාකප්පල් කිරීමේ අරමුණින් ප්‍රචාරය කරන ලද සාවධ්‍ය පුවතකි.

කෙසේවෙතත් SixCricket අප වෙත ලැබෙන අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව ඉතා විශ්වාසවන්ත ලෙස ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මගට යෑමේ කිසිදු සුදානමක් නැති බව තහවුරු කළ හැකිය.

තවමත් භානුකගේ අවසන් තීරණය පිලිබඳව වඩාත් සුභවාදී අපේක්ෂාවෙන් පසු වීමට ක්‍රිකට් රසිකයන්ට හැකියාව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button