Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ‍අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ ඕවර 45.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි ඇෆ්ඝනිස්ථානය, අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉහළ දමාගැනීමටද සමත් විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ මාර්ගය තවත් අවහිර වූ අතර ඒ සඳහා ඔවුන් ඉතිරිව ඇති තරග 3 ම ජයගත යුතුව ඇත.

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක – ඇ.ගුර්බාස් ප.අස්මතුල්ලා 46
දිමුත් කරුණාරත්න – ක.මු. කළා ප.ෆරූකි 15
කුසල් මෙන්ඩිස් – ඇ.නජිබුල්ලා ප.මුජිබුර් 39
සදීර සමරවික්‍රම – ක.මු. කළා ප.මුජිබුර් 36
චරිත් අසලංක – ඇ.රෂීඩ් ප.ෆරූකි 22
ධනංජය ද සිල්වා – ප.රෂීඩ් 14
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.නබී ප.ෆරූකි 23
දුෂ්මන්ත චමීර ‍දුවද්දී දැවී ගියා (සද්‍රාන්) 1
මහීෂ් තීක්ෂණ – ප.ෆරූකි 29
කසුන් රාජිත – දුවද්දී දැවී ගියා (ගුර්බාස්) 5
ඩිල්ෂාන් මධුෂංක – නොදැවී 0
අතිරේක 11
එකතුව ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 241

කඩුලු වැටීම :
1-22(කරුණාරත්න), 2-84(නිස්සංක), 3-134(මෙන්ඩිස්), 4-139(සමරවික්‍රම), 5-167(සිල්වා), 6-180(අසලංක), 7-185(චමීර), 8-230(තීක්ෂණ), 9-239(මැතිව්ස්), 10-241(රාජිත)

පන්දු යැවීම :
මුජිබුර් රහමන් 10-0-38-2, ෆසාල්හක් ෆරූකි 10-1-34-4, නවීන් උල්හක් 6.3-0-47-0, අස්මතුල්ලා ඔමර්සායි 7-0-37-1, රෂීඩ් ඛාන් 10-0-50-1, මොහොමඩ් නබී 6-0-33-0 ‍

ඇෆ්ඝනිස්ථානය
රහ්මනුල්ලා ගුර්බාස්‍ – ප.ඩිල්ෂාන් 0
ඊබ්‍රහීම් සද්‍රාන් – ඇ.දිමුත්. ප.ඩිල්ෂාන් 39
රාමට් ෂා – ඇ.දිමුත් ප.රාජිත 62
හෂ්මතුල්ලා ශහිදි – නොදැවී 58
අස්මතුල්ලා ඔමර්සායි – නොදැවී 73
අතිරේක 10
එකතුව ඕවර 45.2 කදී කඩුලු 3 ක් දැවී 242

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, නවීන් උල්හක් සහ ෆසාල්හක් ෆරූකි

කඩුලු වැටීම :
1-00(ගුර්බාස්), 2-73(සද්‍රාන්), 3-131(ෂා)

පන්දු යැවීම :
ඩිල්ෂාන් මධුෂංක 9-0-48-2, කසුන් රාජිත 10-0-48-1, ඇන්ජලෝ මැතිව්ස් 3-0-18-0, දුෂ්මන්ත චමීර 9.2-0-51-0, මහීෂ් තීක්ෂණ 10-0-55-0, ධනංජය ද සිල්වා 4-0-21-0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button