Cricket NewsEXCLUSIVE

1996 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාවේ ගමන් මග චිත්‍රපටයකට නැගීමට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙක් ශ්‍රී ලංකාවට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය පෙළහර ලෙස 1996 ලෝක කුසලානයේ ශූරයන් ලෙසින් අහිසෙස් පැළඳීම අවිවාධයෙන්ම හැඳින්විය හැකිය.

අර්ජුණ රණතුංග යටතේ එවකට ප්‍රභල කණ්ඩායම් රැසකට අභියෝගයක් වෙමින් 1996 ලෝක කුසලානයේ පෙරළිකාරයන් බවට පත්වන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මග ඉන්දීය ප්‍රකට සිනමාපට අධ්‍යක්ෂවරයෙක් විසින් සිනමා පටයක් ලෙස නිශ්පාදනය කිරීම සඳහා අවධානය යොමු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මේ දිනවල ඒ සඳහා එම අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳ කටයුතු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ විටින බව ද Sri Lanka Mirror පුවත් පත විසින් වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7