Cricket NewsEXCLUSIVELPLMatch Review

ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ චන්දිගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් “ගාල්ල” දණ ගැස්වූ “කොළඹ” ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 12 වන තරගය ලෙසින් Galle Gladiators කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.

කෙසේ නමුත් තරඟය ආරම්භ වීමට නියමිතව තිබු අවස්ථාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය ආරම්භ වීමට මොහොතක් ප්‍රමාද වූ අතර ඒ අනුව තරගය පන්දුවාර 18ට සීමා වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Colombo Stars කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Colombo Stars පිතිකරුවන් නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

මෙවර තරගාවලියේ සිය ප්‍රථම තරගය ක්‍රීඩා කල Colombo stars නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරඟයේ දී පන්දු 57ක් තුළ වේගවත් ලකුණු 73 ක් රැස් කිරීමට සමත් වූයේ Colombo Stars කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමිනි.

ප්‍රහාරාත්මක ඉනිමක් අවසන් භාගයේ ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් පන්දු 14 කින් වේගවත් ලකුණු 36 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Samit Patel සහ ධනංජය ලක්ශාන් කඩුලු 2 බැගින් බැලුවා.

ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන්ට පන්දුවාර 16ක් සහ පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 39 කින් වේගවත් ලකුණු 64ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ සිය ප්‍රථම අර්ධ ශතකය ද වාර්තා කරමිණි.

Mohommad Hafeez ලකුණු 16ක් රැස් කළ අතර අන් කිසිදු Galle Gladiators පිතිකරුවෙකු ට ලකුණු 15 සීමාව පසුකර යෑමට Colombo Stars පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Naveen Ul Hq කඩුලු 3ක් බිද හෙලු අතර සීකුගේ ප්‍රසන්න සහ Ravu Rampaul අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව අද තරගයේ ජයග්‍රහණය Galle Gladiators කණ්ඩායමට හිමි වූ අතර මෙවර තරගාවලියේ Colombo Stars ජයග්‍රහණය කරන ලද තරග 2කම Galle Gladiators කණ්ඩායම් ට එරෙහිව ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

අද තරඟයෙන් අනතුරුව නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button