Cricket NewsEXCLUSIVELPLMatch Review

චරිත් අසලංකගේ සුපිරි ඉණිම අපතේ යවමින් අවිශ්ක සහ තිසර පෙරේරා Jaffna Kings සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 12 වන තරගය ලෙසින් Kandy Warriors සහ Jaffna kings කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Kandy Warriors කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kandy Warriors කණ්ඩායම පන්දු වාර 12 කුත් පන්දු දෙකක් අවසානයේ කඩුළු දෙකක් දැවී ලකුණු 94ක් ලබාගෙන සිටින විට වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් Kandy Warriors ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 10ක් තුළ ලකුණු 95 ක ඉලක්කයක් හඹා යාමට සිදු වූ අතර එම ඉලක්කය පන්දුවාර 8කුත් පන්දු 4ක් තුළ පසුකර යාමට සමත් වූ Jaffna Kings කණ්ඩායම තරගයේ ජයග්‍රහණය හිමිකරගත්තා.

Kandy Warriors වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 44 ක් රැස්කිරීමට සමත්වූ අතර අහමඩ් ශේෂාඩ් ලකුණු 22ක් රැස්කළා.

පන්දු යැවීමේදී Wahab Riaz සහ Shoib malik එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ ලකුණු 95 ක ඉලක්කයක් පන්දුවාර 10ක් තුළ හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 23ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා ලකුණු 29 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු, සචිඳු කොළඹගේ සහ නිමේශ් විමුක්ති අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ Shoib Malik හටයි.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් ප්‍රථම ස්ථානයට පත්වීම Jaffna Kings කණ්ඩායමත් සමත් වුණා.

තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button