Cricket NewsEXCLUSIVELPL

“ක්‍රීඩක වෙන්දේසියේදී මාව කිසිම කණ්ඩායමක් තෝර ගත්තෙ නැතත් කොළඹ මට අවස්ථාවක් දුන්නා” – තරඟයේ වීරයා සම්මානය සමග ලැබුනු මුදල Little Hearts වෙත පරිත්‍යාග කරමින් චන්දි කියු සංවේදී කතාව.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 12 වන තරගය ලෙසින් Galle Gladiators කණ්ඩායම සහ Colombo Stars කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Stars කණ්ඩායම ලකුණු 162ක් රැස් කිරීමට සමත් වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක් රැස්කිරීමට සමත්වුණා.

කෙසේ නමුත් පසුපෙල පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි චන්දිමාල් පන්දු 14කට පමණක් මුහුණ දෙමින් අධිවේගී ලකුණු 36 ක් රැස් කිරීමට සමත් වූයේ Colombo Stars කණ්ඩායමේ ජයග්‍රාහි අඩිතාලම ශක්තිමත් කරමිනි.

දිනේෂ් චන්දිමාල්ගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 4ක් ඇතුළත් වුණා.

එමෙන්ම ඔහුගේ ඉණිමේ ප්‍රහාරාත්මක වේගය දැක්වුණේ 250.14 ක් ලෙසයි.

Colombo Stars ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙක් මෙන්ම කඩුලු රැකීමෙන්ද ඉමහත් දායකත්වයක් දැක්වූ දිනේෂ් චන්දිමාල් හට තරගයේ වීරයා සම්මානයද හිමි වුනා.

එහිදී දිනේෂ් චන්දිමාල් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තමාට පිරිනැමුනු ජයග්‍රාහී මුදල ද Little hearts අරමුදලට පිරිනමනු ලැබු අතර චන්දිමාල්ගේ සුවිශේෂි ප්‍රකාශය පහතින්

“මෙවර LPL තරඟාවලියේ Player Draft එක සිදු කරද්දී මාව කිසිඳු කණ්ඩායමක් තෝරාගත්තේ නැහැ. නමුත් පසුව කොළඹ කණ්ඩායම මට අවස්ථාවක් ලබා දුන්නා. මුලින්ම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඉස්සර හිටපු චන්දිමාල් නැවත ක්‍රිකට් පිටියට අරන් එන්න මේක මට ලොකු අවස්ථාවක් වුනා. ඒ වගේම තරඟයේ වීරයා වෙලා ලැබුණු මේ මුදල මම little hearts foundation එක වෙතට ලබාදෙනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7