Cricket NewsEXCLUSIVE

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්වයකට – ජය පැරදුම තීරණය වන සටන්කාමී අවසන් දිනය හෙටයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන අතර සිව් වන දිනයට අද තරඟය නතර කරන විට කණ්ඩායම් දෙකටම තරඟය විවර ව පවතිනවා.

තරඟයේ සිව් වන දිනය වූ අද තරඟය ආරම්භ කර විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා පිතිකරණයේ යෙදෙමින් සිටියේ ලකුණු 83ක් තුල කඩුලු 3ක් අහිමි කරගනිමිනි. කෙසේ නමුත් බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ජිවය දුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුනේ පන්දු 235කට මුහුණ දෙමිනි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47ක් රැස් කල අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක් රැස් කළා. ඒ අනුව සිය දෙවැනි ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302ක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Blair Tickner කඩුලු 4ක් සහ Matt Henry කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පළමු ඉනිමේ වාසියත් සමග නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉල්ලකය ලකුණු 285ක්. කෙසේ නමුත් එය හඹා යාම සඳහා පිටියට පිවිසි නවසිලන්ත ආරම්භක පිත්කරුවෙක් වන Devon Conwayව ලකුණු 5කට සිමා කිරීමට කැඩුන රාජිත සමත් වූ අතර අද දිනයට තරඟය අවසන් කරන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 28ක්. ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසිලන්ත කණ්ඩායම හෙට දිනය තුල තවත් ලකුණු 257ක් රැස් කල යුතු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 9ක් බිඳ හෙළිය යුතුය.

ඒ අනුව තරඟයේ ජය පැරදුම තීරණය වන සටන්කාමී අවසන් දිනය හෙටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7