Cricket NewsEXCLUSIVE

බාබර් ආසාම්ගේ ආත්කාර්ථකාමී ශතකය විවේචනය කිරීම හේතුවෙන් ප්‍රවීන විස්තර විචාරක සයිමන් ඩූල්ට පකිස්ථාන රසිකයන්ගෙන් දැවී විවේචන – ට්විටර් ගිණුමත් හැක් කරයි.!

ක්‍රීඩාවේ රසවින්දනය හා තරඟකාරීත්වය බව තීව්‍ර කිරීමේදී විස්තර විචාරකයින් ඉටු කරන්නේ සුවිසල් කාර්‍ය භාරයක්. ප්‍රේක්ෂකයින් අතර විස්තර විචාරකයින් බොහෝ සෙයින් ජනප්‍රිය වීමට හේතු කිහිපයක් බලපානවා. සම්ප්‍රදායික වාග් රටාව,සුහුරු බස් හැසිරවීම,තරඟය කියවීම හා ක්‍රීඩාව පිළිබඳව දැනුම හා දැක්ම විස්තර විචාරක කාර්‍ය පෝෂණය කරනු ලබනවා. වර්ථමානයේ ජාත්‍යන්තර තරඟ විස්තර විචාලයේ නියැලෙන්නෙවුන් අතර සයිමන් ඩූල් සාර්ථක ප්‍රතිරූපයක් හිමි අයෙක්.

විස්තර විචාරය අතර තුර “දෙපැත්ත කැපෙන” සුළු අදහස් ප්‍රකාශ කිරීමේ රුසියෙක්.ඩූල් මෑත කාලයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් පවා කෝප ගැන්වූ අදහස් කිහිපයක් නිමාව දුටු දකුණු අප්‍රිකාණු විස්සයි විස්ස තරඟාවලිය අතර තුර පැවසීය. දිනේශ් චන්දිමාල් විවේචනය කරමින් ඔහු ප්‍රශ්න කර සිටියේ මෙවැනි පිතිකරුවෙකු විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරන්නේ ඇයිද අසමින්.

සයිමන් ඩූල් විසින් සමස්ත පකිස්තානයම උණුසුම් කල පුවතක් බවට පත් වූ විවේචනයක් සිදු කල අතර ඒ මේ දිනවල පැවැත්වෙන PSL තරඟාවලිය අතර තුරයි. ඉකුත්දා බාබර් අසාම් ක්වෙටා ග්ලැඩියේටර්ස් පිළට එරෙහිව ශතකයක් වාර්ථා කල අතර ලකුණු 80 සිට ශතකය දක්වා ලකුණු ප්‍රමාණය රැස් කිරීමට ඔහු පන්දු 16 ක් වැය කර තිබේ. බාබර් මෙලෙස ශතකය රැස් කිරීම සඳහා ආත්මාර්ථකාමී ලෙසින් පිතිකරණයේ යෙදුණු බව පවසමින් ඔහුව විවේචන එල්ල කලේය.

ඒ හේතුවෙන් උරණ වූ පකිස්තානු ක්‍රීඩා ලෝලීන් ඩූල්ගේ නිල ට්විටර් ගිණුම පවා හැක් කිරීමකට ලක් කර ඇති අතර ඔහුව පකිස්තානු සුපර් ලීග විස්තර විචාරයෙන් නෙරපා දමමින් පකිස්තානයෙන්ද පිටුවහල් කරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා පල කර තිබේ.සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම කෝප වූ පකිස්තානු ක්‍රීඩා ලෝලීන් ඩූල් හට විවේචන සිදු කිරීම මේ දිනවල ඉතා සුලභ දසුනක්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7