Cricket NewsEXCLUSIVE

ආබාධ තත්වය මැද, අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය දරුණු අතට – LPL තරඟාවලියත් අහිමි වෙයි.!

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාලව ශ්‍රී ලංකාවට ලැබුණු පළමු තරඟාවලියේ දෙවන තරඟය මේ වන විට කොදෙව්වන්ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනවා.

අද තරගයේ තෙවන දිනය වන අතර ඊයේ දිනයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204කට සීමා කිරීමට කොදෙව්වන් සමත් වුනා.

කෙසේ නමුත් ඊයේ දිනයේ අවසාන ශ්‍රී ලංකා කඩුල්ල ලෙස දැවී ගියේ ඇන්ජලෝ මැතිව්ස්ය.

ඔහු කකුලේ ආබාධයකින් සිටියත් අවසාන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අතර දැවැන්ත හයේ පහරවල් දෙකක්ද සමග ලකුණු 29ක් රැස් කිරීමට ඔහු සමත් වුනා.

කෙසේ නමුත් ඊයේ තරඟයේ දී කඩුල්ල අතර හුවමාරු වීමේදි ඇන්ජලෝ මැතිව්ස් ඉතා අපහසුවෙන් කඩුල්ල අතර ඇවිද යන ආකාරයක් තරගය නැරඹූ ප්‍රේක්ෂකයන් හටස දැක ගැනීමට හැකි වුණා.

කෙසේ නමුත් ඊයේ තරඟයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර එයින් අනාවරණය වී ඇත්තේ මැතිව්ස්ගේ කලවා ප්‍රදේශයේ මස්පිඩු ඉරීමකට ලක්ව ඇති බවයි.

එම ආබාධ තත්ත්වය නිසා ඇන්ජලෝ මැතිව්ස්ට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගැනීමට වෛද්‍ය වාර්තාව නිර්දේශ කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟවලියද ආරම්භ වීමට තවත් ඇත්තේ දින 4කටත් අඩු කාලයක් හේතුවෙන් මෙවර Colombo Stars කණ්ඩායමේ නායකත්වය දරන ඇන්ජලෝ මැතිව්ස් හට එම තරඟාවලියද අහිමිව යාමේ අවධානමක් මතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7